"මම P & S එකට යනවා.." මමත් ඒකෙ ඉන්නේ.. සයුරි එහෙම කියල ටිකකින් ඇතුලට එනව මම දැක්කා. ඊට පස්සේ මම අර එලිය පේන තැනක ඉඳගන ground එක දිහා බලාගන ඉද්දී එකපාරම මගෙ පිටිපස්සෙන්, "මේ ඔන්න අසනීප තියාගනම මම ආව හම්බෙන්න" සයුරි මගෙ පිටිපස්සෙන් අවිල්ල එකපාරම එහෙම කියද්දී මම හැරිල බලන ගමන්, "ඔයාට සනීප නැද්ද" කියල ඇහුවේ එයා අසනීප තියාගනත් එදා දවස කිව්ව විදියටම මාත් එක්ක කතා කරන්න ආපු හින්ද වෙන්නැති.. එහෙම කියල සයුරි ටිකකින් ආපහු තිසා ඉදපු table එකට ගියා. මාත් එතනට ගිහිල්ලා ඉඳගන හිටියා. අපි දෙන්නා ඊට පස්සේ වෙන table එකකට ගියා. ඊට පස්සේ.., "අහන්නකෝ. ඔයා හිතන දේ නෙමෙයි වෙන්න පුලුවන් මම කියන්න යන්නේ".. එයා එහෙම කිව්වේ මම එයාගෙ තීරණේ මොකක්ද කියල අහගන්න බලාගන කතා කරන්න ආව කියල හිතල වෙන්නැති.. "නෑ නෑ අයියෝ පොඩ්ඩක් ඉන්න ඕව කියන්න එපා".. "ඉස්සල්ල මම කියන දේ අහන්නකො".. මම එහෙම කිව්වේ සයුරි මොනාහරි මගෙ ඔලුව අවුල් වෙන දෙයක් කිව්වොත් මට කියන්න තියන දේවල් ටිකත් හරියට කියාගන්න බැරි වෙනව කියල මම කලින්ම දැනගන හිටපු නිසා... ඒ වගේමයි, මගෙ හිත දන්නවා මම එයාව meet වෙමුයි කිව්වේ එයාගෙන් decisions දැනගන්න නෙමෙයි කියල. ඒත් එයා එහෙම හිතන්න ඇති මම ආවෙ එයාගෙන් උත්තරයක් බලාගන කියල. ඒත් මට ඕනෙ වුනා මම ඉන්නේ ඒ mindset එකේ නෙමෙයි කියන එක මුලින්ම එයාගෙ ඔලුවට දාන්න. ඊට පස්සේ, මම එතන කතා කරන්න කැමති වුනේ නැති නිසා සයුරිත් study area එකකට යන්න කැමති වුනා.. Floors 3 නිසා මම පයින්ම ගියත් මම 3rd එකට ඇතුල් වෙනකොටම සයුරිත් lift එකෙන් එනකොට එයා "Hiiii” කියල කියපු එක ඇහුනේ නෑ වගේ මම ඉස්සරහින් ගියත්, ඒ වුන හැමදේකටම මම හරි ආස කරා. “හරි මම කියනදේ අහල ඉන්නකො".. "හරි කියන්න එහෙනම්" මමත් එයාට ඉස්සල්ල කතා කරන්න ඉඩ දුන්නා.. ඉතින් එයා එයාගෙ කතාව කියනකන් මමත් හරි උනන්දුවෙන් අහගන හිටියේ මම නොදන්න ගොඩක් දේවල් එතන වෙලා තිබුන නිසා වෙන්නැති. ඒ දේවල් ටික අහපුවාම මමත් confused! එතනින් පස්සේ මම මගෙ කතාව කියන්න පටන් ගත්තා. සයුරිත් හරි උනන්දුවෙන් මගෙ පැත්ත හැරිලම අහගන හිටියා. මම ඒකට හරි ආසයි. ඒ මතකෙ හරි ලස්සනයි. කතාව මැද්දෙන් මම එයාට ගත්ත ගිෆ්‍ට් එකකුයි එයාගෙ portrait එකයි එයාගෙ බෑග් එකටම දැම්මේ හරිම ආසාවෙන්. ඊට පස්සේ ටිකකින් මම අර එයාට ගත්ත පුංචි sticky notes book එක මම එයාට ඇරල බලන්න කිව්වා. එයා එහෙම හරි නෑනේ කියල, මම බල කරපු නිසාම ඒ වෙලේ බැලුවා. මම මහන්සි වෙලා එයා වෙනුවෙන් ගත්ත දේවල් එයා සතුටින් ගද්දී, එයා ඒ දේ accept කරද්දී මට දැනුනෙ මාරම සතුටක්. මම එයා වෙනුවෙන් කරපු දේවල් වලට එයා පොඩිම හරි වටිනාකමක් දෙනව කියල දැනෙන්ද්දී මගෙ හිතට දැනෙන feeling එක මට වචන වලින් කියන්න තේරෙන්නේ නෑ. ඒක සයුරි දන්නේ නෑ.. දන්නව නම් එදා මම අනිත් ගිෆ්ට්ස් ටික දෙන්න යද්දී, ගත්තෙ නැතත් අඩුම තරමෙ මට ගන්න බෑ මට ගිෆ්ට්ස් එපා, ඒත් ඔයා ගත්ත නිසා මම බලන්නම් කියල හරි කියනවා. Anyways, back to the story ඉතින් ඔහොම කතා කර කර ඉද්දී එකපාරම මැද්දෙන් පොඩි ලමේක් වගේ, "මම contact lenses දාල කියල පේනවද?" මම අර serious කතාව කියාගන යද්දී එයා ඒ විදිය දෙයක් කිව්වත් මට කිසිම තරහක් ගියේ නැත්තේ, ඒ එයාගෙ කෝලම් කතා වලට හිත ඇතුලින් මම මාර විදියට ආදරේ කරන නිසා වගේම සතුටු වෙන නිසා. මට එහෙම serious කෙනෙක් වෙන්න ඕනෙ නෑ සයුරි ගාව, එයා එක්ක විහිලුවෙන් එයාගෙ කෝලම් දිහා බල බල දවසක් වුනත් මට මොකුත් නොකිය එයා දිහා බලාගන ඉන්න පුලුවන් තරමට මම එයාගෙ හැමදේටම ආස වෙලා ඉවරයි.. ගොඩක් දවසට මම එයා ගාව ඉද්දි එයා දිහා බලාගන ඉදලා එයා මන් දිහා බලන වෙලාවකට හිනා වෙලා "bye" එකක් දාන්නේ මම ඒ සයුරි එක්ක ගෙවන හැම තප්පරේකටම ගොඩක් ආස කරන නිසා.. ඊට ප්ස්සේ ආපහු කතාව කියාගන යද්දී තව ටික වෙලාවකින් මම මගෙ phone එක අල්ලන් ඉන්නකොට එයත් අර මගෙ වගේ backcover එකක් අරන් මට දැන් පෙන්නනව. පොඩි ලමේක් වගේ නිකන්. ඒ වෙලාවෙදි වුනත් මම මගෙ සතුට, ඒ reactions එලියට දැම්මේ නැති වුනාට ඒ හැමදෙයකටම මම මාරම ආදරෙයි. සමහර වෙලේට එයා ඒ කියන කෝලම් කතා වලට, පොඩි ලමේක් වගේ වෙන හුරතලේට, මම හරි ආසයි.. සයුරි මට ලැබුනොත් කවදහරි, ඒ විදියට අපි දෙන්නා හරි සතුටින් ඉඳී නේද කියල මම තනියම හිතන/විඳින හීන ලෝකෙට මම හරි ආසයි වගේම ආදරෙයි... මට ගොඩක් හිතට වැදුනු තව තැනක් තමයි අපි කතා කරනකොට මම සයුරිගෙන් ඇහුව තිසාරල එහෙම මේක දන්නවද ඔයා කිව්වද කියල. එතකොට එයා මෙහෙම කිව්වා, මම එහෙම මගෙ මේ වගේ දේවල් එයාල එක්ක කියන්නේ නෑ, "අද දැන් මේ ඔයාගෙ වැඩේට ආවෙ කියන්න වත් එයාල දන්නේ නෑ"... I felt that❤ කලින් දවසෙ එයා හෙට මම එන්නම් කියල ඒ මට දුන්න පොරොන්දුව ඒ විදියටම කරා නේද කියන එක ඒ වෙලාවෙත් සයුරි එහෙම කියද්දි තදින්ම මගෙ හිතට දැණුනා... ඔය විදියට කතාව ඉවර කරල එයා දැන් යමු කියද්දී, මම තව විනාඩි 5ක් කියල ඉල්ලද්දී, එයා හා කියල ඒකටත් කැමති වුනා තව ටිකක් ඉන්න. පව්. එයා කිව්ව වගේම එදා දවස මට දුන්නා❤✨ ඊට පස්සේ අක්කල ඉන්න තැනට මම එයාව ගිහිල්ලා දැම්මා. මේක තමයි එදා දවසෙ මගෙ හිතට වැඩියෙන්ම දැණුන moment එක.., එයාව දාල එන්න හදද්දී, අර corridor එකේදී එයයි මායි අර අපි දිහා බලාගන ඈතට වෙලා හිනා වෙලා byee කියපු විදියට. නිකන් අර film එකක end එකක් වගේ😂❤ ටික වෙලාවක් එහෙම බලන් ඉඳලා එයා thank youuu කියල ලස්සනට හිනා වෙලා යන්න ගියා. මාත් එයා ඇතුලට යනකන් බලන් ඉඳල ආවා.. ඒ moment එක, ඒ සයුරි මන් දිහා බලන් ඉඳපු විදිය, ඒ හිනාව, ඒ thank you කියල කියපු විදිය, ඒ හැමදේම මට හරි ලස්සන මතකයක්, මම ඒකට හරි ආදරෙයි... මට ඒක කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි. මම මේ කතාව ලිව්වේ හරිම කෙටියෙන්. ලියපු නැති කියපු නැති ගොඩක් දේවල් තියනව. එදා වුනු හැම දෙයක්ම සයුරි කියපු වචනයක් ගානෙ මට මතකයි.. ඒත් ඒ memory එකේ ලස්සනම තැන් ටික මම මේ විදියට වචන වලට පෙරලුවා.. ඉතින්, කවදහරි මගෙ වුනත් නොවුනත්, ඔයා එක්ක මේ ගෙවපු/ගෙවන මතක වලට මම හරි ආදරෙයි... ඒත්, ඒ හැමදේම තව පොඩිම පොඩි කාලයයි කියල හිතද්දී දැනෙන feeling එකනම් මට දරාගන්න බෑ! මම ඒ දවසට හරි බයයි...

I love you!💖

-Joel-

19th of March 2023